Home Hit සජිත් බාධා කලා යැයි පළවන පුවත බොරු – හරීන් ප්‍රනාන්දු

සජිත් බාධා කලා යැයි පළවන පුවත බොරු – හරීන් ප්‍රනාන්දු

1068
0

පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තර කරුණු අඛන්ඩව පාර්ලිමේන්තුව තුල විමසමින් කටයුතු නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කල බවට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් පළකර තිබූ පුවත් ව්‍යාජ පුවතක් බව පා.ම හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා.

එම සටහන පහතින්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ එම ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයන් සහ ආරක්ෂක අංශ අතර පැවතියායැයි පැවසෙන සම්බන්ධතා අනාවරණය කිරීම වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් සිටින බවට සහමුලින්ම අසත්‍ය,පදනම් විරහිත පුවතක් යම් යම් මාධ්‍යතුළ හුවමාරු වෙමින් තිබේ.

පළමුව මේ පුවත සහමුලින්ම අසත්‍ය,ව්‍යාජ පුවතක් බව පවසා සිටිමි.
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයේදීත්,ඊට බාහිරව අවස්ථා රැසකදීත් මා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා ඉතා තීරණාත්මක අනාවරණයන් සිදු කළ අතර ඒ සියල්ලට ආශිර්වාදය ලැබුනේත්,සහයෝගය ලැබුණේත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙනි.

ඒ සහයෝගය හේතුවෙන් මා සහ මනූෂ නානායක්කාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙලිදරව් කළෙමු.

මන්ත්‍රීවරුන් විසින් කතෝලික සභාව හමුවී මෙම තොරතුරු දැනුම්දීම සදහා විශේෂ හමුවීමක් සංවිධානය කළ බවත් විවිධාකාර හේතු පවසමින් විපක්ෂ නායකවරයා කතෝලික රදගුරුවරුන් (BISHOP) හමුවීම ප්‍රතික්ෂේපකර ඇති බවටද එම ව්‍යාජ පුවත්වල ඇති අතර ඒවාද හුදෙක් කරුණු හරිහැටි නොදැන කරන ලද ව්‍යාජ හිතලු මිස සත්‍ය නොවේ.

මෙවැනි ව්‍යාජ පුවත් මවන්නන්ගේ කූඨ අරමුණු පිලිබදව අප විමතියට පත් නොවන අතර මෙවැනි ප්‍රලාප තුලින් අපගේ අරමුණු වෙනස් නොවන බවද දන්වා සිටිමු.සත්‍ය එකින් එක හෙලිදරව්වක් වනවිට ආණ්ඩුව පත්වන දැඩි පීඩාකාරී තත්ත්වය මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන්ම පැහැදිලි වන අතර මේවායින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ අභියෝගය ඇත්තේ සමගි ජනබලවේගයේ බව ඔවුන් තේරුම් ගෙන ඇති බවය.

හරින් ප්‍රනාන්දු
පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ජනබලවේගය

Colombo Telegraph පුවත්පත උපුටා දක්වමින් මේ පිළිබඳව Newshub.lk පළකළ පුවත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here