Home Hit CID පරීක්ෂණ අසම්පූර්ණයි – සිය ධුර කාලය තුළදී පාස්කු චූදිතයන්ට නඩු පැවරිය...

CID පරීක්ෂණ අසම්පූර්ණයි – සිය ධුර කාලය තුළදී පාස්කු චූදිතයන්ට නඩු පැවරිය නොහැකි බව නීතිපති කියයි

1595
0

2019 පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට සහ වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට සිය ධුර කාලය තුළදී නඩු පැවරීමට හෝ චෝදනා ගොණු කිරීමට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.

මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මෙතෙක් සම්පූර්ණවී නොතිබීම ඊට හේතුව බව නීතිපතිවරයා විසින් ජනතාවට දන්වා සිටින බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කරනවා.

නීතිපති දප්පුලද ලිවේරා මහතා මේ මස අගදී විශ්‍රාම යාමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම මේවනවිට පාර්ලිමේන්තු සභාවට යෝජනා කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here