Home Coronavirus 2020 “විපක්ෂයෙන් හුස්මක්” 28 ලක්ෂයක් වටිනා රෝහල් උපකරණ රැගෙන මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස රෝහලට (PHOTOS)

“විපක්ෂයෙන් හුස්මක්” 28 ලක්ෂයක් වටිනා රෝහල් උපකරණ රැගෙන මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස රෝහලට (PHOTOS)

528
0

සමගි ජන බලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 12 වන පියවර ලෙස රුපියල් විසිඅට ලක්ෂ පන්දහසක් වටිනා (රු. 2,805,000) රෝහල් උපකරණ අද (15) මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ඒ.අයි විදානගමගේ මහත්මිය වෙත අදාල පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

ඒ අනුව, රුපියල් විසිඑක් ලක්ෂ තිස් දහසක් (2,130,000) වටිනා Ultrasound Scanner යන්ත්‍රයක් සහ රුපියල් හය ලක්ෂ හැත්තෑපන්දහසක් (675,000)ක් වටින Autoclave Table Lap යන අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කෙරිනි.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

May be an image of 2 people, people standing and indoor
May be an image of one or more people, people standing, office and indoor
May be an image of 1 person, standing and indoor
May be an image of 1 person, standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here