Home Coronavirus 2020 90කට වැඩි පිරිසකට කොරෝනා – ITN කාර්ය මණ්ඩලය සේවයට කැඳවයි – වෘත්තිය...

90කට වැඩි පිරිසකට කොරෝනා – ITN කාර්ය මණ්ඩලය සේවයට කැඳවයි – වෘත්තිය සමිති වලින් මැසිවිලි

1146
0

බත්තරමුල්ලේ පිහිටි ස්වාධීන රුපවාහිනී සේවයේ කාර්ය මණ්ඩලයේ 90කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බවටත් ඉන් මේ දක්වා සුවය ලබා ඇත්තේ 10 දෙනෙකු වැනි ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් බවත් වර්තා වේ.

කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන, හෝටල් සහ පෞද්ගලික ස්ථාන වල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.

තත්වය මෙසේ තිබියදී මේ වනවිට ආයතනයේ විකාශන කටයුතු සිදුකළ හැකි ස්වයංක්‍රීය පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් සේවක මණ්ඩලය නැවත සේවයට කැඳවීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ.

ඒ අතරතුර ‘ලක්හඬ’ ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති අංශය කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

කොවිඩ් හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබියදී එය පාලනය කිරීම සඳහා ආයතන පරිශ්‍රය තුළ කිසිඳු වැඩ පිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව එහි වෘත්තිය සමිති පාලනාධිකාරියට මැසිවිලි නගනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here