Home Coronavirus 2020 කිංස්ලිගේ පළවෙනි බොරුව පත්තු වෙයි

කිංස්ලිගේ පළවෙනි බොරුව පත්තු වෙයි

8768
0

සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් තීරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලීම හේතු වූ බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය එම සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඩේලි මිරර් පුවත්පත විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL) සාමාන්‍යයෙන් නිම කිරීමට මාස දෙක තුනක කාලයක් ගත වන බවයි. සාධක සහ පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන අතර ඒ සඳහා වැඩි කාලයක් ගතවන බව ඔවුන් සඳහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීන සයිනෝෆාම් එන්නත අනුමත කිරීම සඳහා වන ගෞරවය ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ දිනයේ කටයුතු කරන ලදී.

එහිදී ඔහු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් මහතා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම එන්නත අනුමත කර ඇති බවයි.

ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක නිකුත් කල නිවේදනය පහතින්

No description available.
No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here