Home Coronavirus 2020 කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව වැඩිපිරිසකට ලබාදීම රජයේ උපායමාර්ගික සැලැස්මයි – ගම්මන්පිල

කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව වැඩිපිරිසකට ලබාදීම රජයේ උපායමාර්ගික සැලැස්මයි – ගම්මන්පිල

364
0

කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන් කර ඇති බැවින් මෙරට වෛද්‍යවරුන් ඒ පිළිබද අවසන් තින්දුවක් ගනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව වැඩිපිරිසකට ලබාදිම රජයේ උපායමාර්ගික සැලැස්ම බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඔහු මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කොරෝනා මර්ධනේ පළමු මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් එහි දෙවැනි මාත්‍රාව ලබාදෙන කාළසිමාව පිළිබද බිය විය යුතු නැතැයිද අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.

ශ්‍රී ලංකාවට ඉදිරියේදි ලැබිමට නියමිත එන්නත් ප්‍රමාණය පිළිබදවද උදය ගම්මන්පිළ මහතා කරුණු පැහැදිලි කළා

එමෙන්ම කොරෝනා පාලනය සහ ආර්ථික කළමනාකරණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු දක්වා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here