Home Coronavirus 2020 බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයන් ගණන යළිත් 1000 ඉක්මවයි

බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයන් ගණන යළිත් 1000 ඉක්මවයි

692
0

මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,896 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,116ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එසේම, මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 22ක්. ඉන් 19 දෙනෙකුම මියගොස් තිබුණේ කොවිඩ් නිව්මෝනියාවෙන්.ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 786ක් ලෙසින්.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වූ 411ක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. නාරාහේන්පිටින් හඳුනාගත් ආසාදිතයින් 60 දෙනෙකු සහ පිලියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 43 දෙනෙකුද ඒ අතර වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 88 දෙනෙකු හඳුනා ගත්තේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකු වාර්තා වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here