Home Hit ජනතාවට නැති උනාට දේශපාලකයො යාළුවොන්ට එන්නත් දෙනවා

ජනතාවට නැති උනාට දේශපාලකයො යාළුවොන්ට එන්නත් දෙනවා

380
0

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසගෙන් ලක්ෂ 6කට පමණ දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්වයක් මතුව ඇති බැවින් එම ලක්ෂ 6ක පිරිසගේ ජීවිත පිළිබඳ වගකීම බාරගන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පෙරේදා (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“පළවෙනි එන්නත දුන්නු ලක්ෂ නවයහමාරෙන් ලක්ෂ හයකට දෙවැනි එන්නත දෙන්න බැරි තත්වෙකට පත්වෙලා තියෙනවා. දැන් ඒ ලක්ෂ හයේ සෞඛ්‍ය පිළිබඳව කවුද වගකීම දරන්නෙ ? එතකොට ලක්ෂ නවයහමාරක් දීලා කියනවා මේගොල්ලො එන්නත්. අපි ඔප්පු කරලා පෙන්නුවා අපට ඊයෙ පෙරේදා දැනගන්න ලැබුණා කුරුණෑගල නගරාධිපතිවරයා බලහත්කාරයෙන් 20 දෙනෙකුට එන්නත්කරණය කරගෙන එතුමාගේ හිතවතුන්ට මිත්‍රයින්ට. ඒ පිළිබඳව හෙළිදරව් කරපු වෛද්‍යවරයාටත් තර්ජනය කළායි කියලා අපට තොරතුරු තියෙනවා” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here