Home Hit රසායනික පොහොර ආනයන තහනම යළි සලකා බැලීමට රජය තීරණය කරයි

රසායනික පොහොර ආනයන තහනම යළි සලකා බැලීමට රජය තීරණය කරයි

3310
0

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව රජය පසුගිය දා ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේ වෙතත්, පූර්ණ වශයෙන් එම තහනම ක‍්‍රියාත්මක නොකොට, විශේෂ ආනයන බලපත‍්‍ර රෙගුලාසීන්ට යටත්ව මැයි මාසයේ 06 වන දායින් පසුව ඇතැම් ද්‍රව්‍ය ගෙන ඒමට අවසර ලබා දෙමින් තවත් ගැසට් පත‍්‍රයක් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය පූර්ණ වශයෙන් තහනම් කරන බව පළමුව පවසා, පසුව රජය විසින් ගෙන තිබෙන මෙම නව තීරණය හේතුවෙන් රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයන කරන සමාගම් ව්‍යාකූලභාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කතා කිරීමට එළැඹෙන සදුදා දිනයේ දී ආනයන හා අපනයන පාලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡුා කිරීමට එම සමාගම් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

රසායනික පොහොර තහනම් කළ ලොව පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත් කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here