Home Uncategorized ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගන්න

ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගන්න

298
0

දැන් කළ යුතු වන්නේ එන්නත් වර්ගීකරණය කිරීම නොව ලැබෙන එන්නත හොඳම එන්නත බව සිතා එය ලබාගැනීම වන අතර පසුබට නොවී එම එන්නත ලබාගෙන ආරක්ෂාව සලසා ගැනීම සිදු කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය දී තිබෙනසෑම එන්නතකින්ම 65%කට වැඩි ආරක්ෂාවක් සලසන අතර එන්නත ලබාගත් අයට වෛරසය ආසාදනය වුවද 90%කට වැඩි ආරක්ෂාවක් ලැබෙන බවත් එමඟින් දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍යතාවක් මතු නොවන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඊයේ දින (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන ලදි.

මෙම කොවිඩ් 9 වසංගතය පාලනයේදී එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත් වන හෙයින් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර තිබෙන අතර එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසා ගැනීම වැදගත් බවයි ඇය පෙන්වාදෙන්නේ.

එන්නත් ලබාගැනීම සඳහා කිසිදු ආකාරයක බියක් තබාගත යුතු නැති අතර අපගේ රට තුළ භාවිතා වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් වන නිසා රෝගයෙන් ආරක්ෂාවීමට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එන්නත ලබා ගැනීමට පසුබට නොවන ලෙසයි ඇය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here