Home Entertainment ‘Voice Print සංගීත ඇකඩමිය’ ලංකාවට ජාත්‍යන්තර ජයක් ගෙන එයි

‘Voice Print සංගීත ඇකඩමිය’ ලංකාවට ජාත්‍යන්තර ජයක් ගෙන එයි

907

WORLD VIRTUAL CHOIR FESTIVAL 2021 ළමා කාණ්ඩය නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ‘Voice Print සංගීත ඇකඩමියේ’ ළමා කණ්ඩායම සමත් වී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ අප්‍රේල් මස 30 වැනිදා සිට මයි මස 7 වැනිදා දක්වා මෙම තරඟය

රටවල් 18ක් අතරින් WORLD VIRTUAL CHOIR FESTIVAL 2021 ළමා කාණ්ඩයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායමට හිමි රන් පදක්කම මෙන්ම වඩාත්ම ප්‍රකාශන කාර්ය සාධනයක් සහිත කණ්ඩායම ලෙසද ජයගන්නට ‘Voice Print සංගීත ඇකඩමියේ’ ළමා කණ්ඩායමට හැකි විය.

ලොව පොප් රජු ලෙස කිරුළ දරා සිටි මයිකල් ජැක්සන් විසින් ගායන කළ ගීතයක් ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස ගයනා කරමින් මෙම ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

‘Voice Print සංගීත ඇකඩමියේ’ ළමා කණ්ඩායම ගායනා කළ ගීතය

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘Voice Print’ කණ්ඩායමේ සංගීත ශිල්පී ඩිලාන් ඉරුගල්බණ්ඩාර සහ මතිෂා උඩවත්ත ශිල්පිනියගේ පුහුණුවෙන් තරඟයට ඉදිරිපත් වූ ළමා කණ්ඩායමට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.

රට තුළ පවතින වසංගත තත්වය තුළ පුහුණුකිරීම් කටයුතු පවා බොහෝවිට සිදුකිරීමට සිදුවූයේ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් අන්තරජාලය ඔස්සේ බව පුහුණුකරුවන් පවසනවා.

රට තුළ පමණක් නොව ලෝකය තුළද කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දීමට සිදු වූ විවිධ දුෂ්කරතා මධ්‍යයේ WORLD VIRTUAL CHOIR FESTIVAL 2021 හිදී ශ්‍රී ලංකාවේ නාමය රන් පදක්කමෙන් සරසවන්නට ‘Voice Print සංගීත ඇකඩමියේ’ ළමා කණ්ඩායමට හැකිවීම මෙරටට අභිමානයක් මෙන්ම ලාංකීය දරු දැරියන්ගේ මෙන්ම සංගීත ශිල්පීන්ගේ දක්ෂතා ලෝකයට විවෘත කිරීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here