Home Hit “සීනි වංචාව මහා වංචාවක්” – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වෙයි.

“සීනි වංචාව මහා වංචාවක්” – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වෙයි.

872
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධානගත වීමේදී ඇතිකරගත් එකඟතා කඩ වී ඇති බවත් ප්‍රතිපාදන නොලැබීමෙන් බිම් මට්ටමේ මන්ත්‍රීවරුන් පවා කළකිරීමකින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාචාර්‍ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

අද (05) දින මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ සංධානය තුල සිටින අනෙකුත් පක්ෂ වලටත් මෙවැනි කළකිරීම් ඇති නිසා ඔවුන් වෙනම රෑස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

මෑත කාලීන ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම වංචාව සීනි වංචාව බවත් රට තුල දූෂණය සහ භීෂණය හිස ඔසවා ඇති බවත් ඒ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීනව තරඟ වදින ලෙස ජනතාව ඉල්ලන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් බවත් ඒ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here