Home Coronavirus 2020 ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට

227
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුවේ මේ වනවිට කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඒ අතරතුර ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පැමිණ ඇත.

එම විවාදයේ දෙවන දිනය අදයි.

සෑම මාස තුනකටම වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වූ බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වෙත කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here