Home Coronavirus 2020 වෙනත් රටවල අය මෙරටට ගෙනවිත් නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවයි

වෙනත් රටවල අය මෙරටට ගෙනවිත් නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවයි

187
0

වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගිය දා චෝදනා කළා.

වෙනත් රටවල පුද්ගලයන් මෙරට දී නිරෝධායනයට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී ඊයේ (4)චෝදනා කළේය .

මේ අතර ඉන්දියාවෙන් පුද්ගලයන් මෙරටට ඇතුළුවීමේ උත්සාහයක් පවතින හෙයින් එය වැළැක්වීම සඳහා රජය උතුරු මුහුදේ නාවික ආරක්ෂාව දැඩි කළ බව නාවික හමුදා මූලස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here