Home Hit අපි අනතුරු අඟවද්දි ආණ්ඩුව එදා කිව්වෙ මාස්ක් දාන්නවත් ඕනෙ නෑ කියලා –...

අපි අනතුරු අඟවද්දි ආණ්ඩුව එදා කිව්වෙ මාස්ක් දාන්නවත් ඕනෙ නෑ කියලා – සජිත්

267
0

පසුගිය වසරේ ජනවාරි 24 වැනිදා සහ පෙබරවාරි 05 වැනිදා තමන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කොරෝනා අර්බුදය පිළිබඳව ආණ්ඩුවේත් රටේ ජනතාවගේත් අවධානය යොමුකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ වනවිට ලෝකයේ රටවල් රැසක වෛරසය ව්‍යාප්තව තිබූ නමුත් ශ්‍රී ලංකාවට වෛරසය පැතිර නොතිබුණු බවයි විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ.

එදා ‍අනතුරු අඟවද්දී ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොදැක්වූවා පමණක් නොව ජනතාව බියට පත් කරන බවට තමන්ට චෝදනා කළ බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. මුව ආවරණ පැළඳීමට ජනතාවට උපදෙස් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර එවැනි කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එදා ආණ්ඩුව ප්‍රකාශ කළ බවත්, ඒ බව හැන්සාඩ් වාර්තාවේ සඳහන් වී තිබෙන බවත් ඔහු පවසනවා.

එසේ පවසා මාස එකහමාරක් ඉක්මයාමට මත්තෙන් සම්පූර්ණ රටම වසා දැමීමට තරම් වසංගත තත්වය උත්සන්න වූ බවත් එදා අවදානම පෙන්වා දෙද්දී පවා ඒ පිළිබඳව නොසැලකිලිමත් වූ ආණ්ඩුව අද ක්‍රියා කරන්නේද ඊටත් වඩා වැඩි නොසැලකිල්ලකින් බවත් තෙවැනි වරටත් වසංගතය උත්සන්න වී ඇත්තේ ඒ නිසා බවත් ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා පරාජය කළ බව පවසමින් මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලූ පුද්ගලයන්ට අද ජනතාව ඉදිරියේ කටඋත්තර නොමැති වී ඇති බවද විපක්ෂ නායකාය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here