Home Hit නෙළුම් පොකුණ රඟහලේ ඇඳන් දාලා හරි රෝගීන්ට ප්‍රතිකාර කරන්න !

නෙළුම් පොකුණ රඟහලේ ඇඳන් දාලා හරි රෝගීන්ට ප්‍රතිකාර කරන්න !

322
0

ඇඳන් දහසක සහ දැඩි සත්කාර ඒකක ඇඳන් 32 ක ධාරිතාවයක් සහිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කරන්නැයි තමන් පසුගිය 21 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටි බවත්, එම රෝහලේ දැඩිසත්කාර ඒකකය හෝ යොදා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරියට ස්තුතිවන්ත වන බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් අද (04) පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

පළමු රැල්ලට සහ දෙවැනි රැල්ලට වඩා අප දැන් මුහුණ දී සිටින තෙවැනි රැල්ල භයානක බවත්, තරුණ සහ ළමා රෝගීන් වාර්තාවීම මෙන්ම තරුණ සහ ළමා වයසේ සිටින පුද්ගලයන් මරණයට පත්වීමද ඉහළ ගොස් ඇති බවත් සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

මේ නිසා රෝගීන්ට නේවාසික සෞඛ්‍ය පහසුකම් ලබාදිය හැකි ධාරිතාවය ඉතා ඉක්මනින් ඉහළ දැමීමට සිදුවන බවත් ඒ අනුව මාලබේ නෙවින් ප්‍රනාන්දු රෝහල සහ පොළොන්නරුව වකුගඩු රෝහලද කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා භාවිතා කරන්නැයි ආණ්ඩුවට යෝජනා කරන බවද රාජිත සේනාරත්න මහතා පවසනවා.

මීට අමතරව අවශ්‍ය නම් නෙළුම් පොකුණ රඟහල වැනි ස්ථාන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කළ හැකි බවත්, ඉදිරියේදී පැමිණිය හැකි අවදානම සලකා බලා එවැනි ස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සූදානම් කරන්නැයි යෝජනා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here