Home Hit ඉන්දියාව සමඟ එළැඹි සටන් විරාම ගිවිසුම පාකිස්තානය උල්ලංඝනය කරයි

ඉන්දියාව සමඟ එළැඹි සටන් විරාම ගිවිසුම පාකිස්තානය උල්ලංඝනය කරයි

110
0

පෙබරවාරි මාසයේ එළඹී සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් පළමු වරට පාකිස්තාන හමුදා සඳුදා දිනයේ (03) ජම්මු හා කාශ්මීරයේ සම්බා දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර දේශ සීමාව ඔස්සේ ඉන්දියානු දේශසීමා දෙසට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා..

උදෑසන 6.00 ට පමණ පාකිස්තාන රේන්ජර්ස් කණ්ඩායම විසින් සම්බා දිස්ත්‍රික්කයේ රාම්ගාර් ප්‍රදේශයේ අයි.බී. ඔස්සේ දේශසීමා ආරක්ෂක හමුදා (බීඑස්එෆ්) මුර සංචාරයේ යෙදෙන කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව නිලධාරීහු සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශසීමා ආරක්ෂක හමුදා නිලධාරීන් කියා සිටියේ ඔවුන් සාර්ථක ලෙස එම ප්‍රහාර මැඩ පැවැත්වූ බවත් පාකිස්තාන ආක‍්‍රමණයට සුදුසු ප‍්‍රතිචාරයක් ලබා දුන් බවත් ය.

මීට පෙර, මේ වසරේ පෙබරවාරි 24 වන දින, අනපේක්ෂිත පියවරක් ලෙස, ඉන්දියාව සහ පාකිස්තානය දෙපාර්ශ්වයේම හමුදාව පාලක රේඛාව සහ ඉන්දියානු දේශසීමා අතර සටන් විරාම ගිවිසුමට එළැඹි අතර ඒවාට දැඩි ලෙස අවනත වන බවත්, “එකිනෙකාගේ” මූලික ගැටලු විසඳන බවත් නිවේදනය කළහ. .

පසුගිය වසරේ (2020) නිල සංඛ්‍යාලේඛනවලට අනුව, සීමාසහිත සටන් විරාම උල්ලංඝනය කිරීම් 5,133 ක් වාර්තා වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here