Home Hit ලංකාවේ පන්සලක් චීනයේ විහාර පරිශ්‍රයක ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

ලංකාවේ පන්සලක් චීනයේ විහාර පරිශ්‍රයක ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

295
0

ශ්‍රී ලාංකික සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහජන චීන සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍යත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කර ගැනීම සඳහා හා ලෝක බෞද්ධ ජනතාවගේ වන්දනාමානය සඳහා මෙම විහාරය ඉදිකිරීමට නියමිතයි.

යෝජිත ඉදිකිරීම් කටයුතු සඳහා සියලුම අරමුදල් වයිට් හෝස් විහාරය විසින් දැරීමට නියමිත අතර එකී ඉදිකිරීම් ශ්‍රී ලංකාවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරනු ඇත.

මේ සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය හා චීනයේ වයිට් හෝස් විහාරස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here