Home Hit ඇමති නාමල්ගේ යෝජනාවක් අනුව දිවයින පුරා එළිමහන් ව්‍යායාම් සහ කායවර්ධන මධ්‍යස්ථාන 500ක්

ඇමති නාමල්ගේ යෝජනාවක් අනුව දිවයින පුරා එළිමහන් ව්‍යායාම් සහ කායවර්ධන මධ්‍යස්ථාන 500ක්

359
0

කන්ටේනර් බහාලුම් භාවිත කර දිවයිනේ තෝරාගත් ස්ථාන ආශ්‍රිතව එළිමහන් ව්‍යායාම් සහ කායවර්ධන මධ්‍යස්ථාන 500ක් පිහිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට අනුමැතිය හිමව තිබෙනවා.

“ජයගමු’ තේමාව යත්තේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 625ක්.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් වාර්ෂිකව 100,000 අධික පොදු මහජනතාවට සහ 5000ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි බවයි රජය පවසන්නේ.

මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ සහ ක්‍රීඩා සමාජ වෙත පැවරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එක් කායවර්ධන මධ්‍යස්ථානයක් සඳහා අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු යෙදවීමට සැකසුම්කර ඇති අතර මෙම ව්‍යාපෘතිය 2021-2022 වසර වලදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2021 වසර තුල දිවයිනේ තෝරාගත් ස්ථාන 250ක් ආවරණය වන පරිදි මෙම එළිමහන් ව්‍යායාම් සහ කායවර්ධන මධ්‍යස්ථාන පිහිටවීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here