Home Business රජයේ බදු ආදායමෙන් සියයට 8 ක් දුම්කොළ සමාගමෙන්..!

රජයේ බදු ආදායමෙන් සියයට 8 ක් දුම්කොළ සමාගමෙන්..!

234
0

2020 වසරේ දී රජයේ සමස්ත බදු ආදායමෙන් 8%ක දායකත්වයක් ලබා දීමට ‘ලංකා දුම්කොළ සමාගම’ සමත් වී ඇති බව ඒහි සභාපති සුරේෂ් ෂා මහතා පවසයි.

2020 වාර්ෂික වාර්තාව හරහා සිය කොටස්කරුවන් වෙත මේ බව දැනුම් දෙමින් සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ 2020 වර්ෂය තුළ දී රු. බිලියන 110 ක බදු ආදායමක් ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ලබා දී ඇති බවයි.

මේ අතර ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නඩෙල් සලෙම් පවසන්නේ Research Intelligence Unit (RIU) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව නිතී විරෝධි දුම්වැටි වෙළෙඳපොළ හේතුවෙන් 2020 වසරේ දී රජයට රු. බිලියන 38 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here