Home Hit ගම සමග පිළිසඳර ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට

ගම සමග පිළිසඳර ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට

630

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමය, ගම සමග පිළිසඳර වැඩසටහනේ පළමුවැන්න විය. මාස 07කට පසු එහි ප්‍රගතිය සොයාබැලීම ජනාධිපතිවරයාගේ අද චාරිකාවේ අරමුණ විය.

යුද හමුදාව ඉදිකළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණය එහිදී නිරීක්ෂණයට ලක්වූ අතර හපුතලේ සිට වෙලංවිට දක්වා බස්රථ දෙකක් ධාවනයට එක් කිරීම අද සිට සිදු කෙරේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස්රථ දෙක ධාවනයෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබී තිබේ.

වනඅලි ප්‍රහාරවලින් කැඩී ගිය, යුද හමුදාව ඉදිකළ නව නිවස ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

“ගම සමග පිළිසඳර” ප්‍රතිලාභ අත්කර ගත් ඉඩම් ඔප්පු ලාභීන් කිහිප දෙනෙකු සමග කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් දෙන ලදි.

May be an image of motorcycle, road and tree
May be an image of one or more people and people standing
May be an image of 1 person, standing, tree and outdoors
May be an image of one or more people, people standing and outdoors
May be an image of one or more people and outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here