Home Hit චීනයේ BRI ණය උගුල නිසා ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට අත්වී ඇති අඳුරු...

චීනයේ BRI ණය උගුල නිසා ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට අත්වී ඇති අඳුරු ඉරණම

1174

චීනය දැන් තමන්ට කිරීමට නොහැකි තරම් දේවල් ගොඩ ගසාගෙන ඇත. ප්‍රවාහන, බලශක්ති සහ ටෙලිකොම් යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඩොලර් ට්‍රිලියන 8 ක් විදේශ රටවල ආයෝජනය කිරීමත් සමඟ BRI (Belt and Road Initiative) ව්‍යාපෘතියේ වගකීම් පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

සමහර වත්කම් ප්‍රතිලාභ ලබා නොදේ. සමහර රටවල් BRI ව්‍යාපෘති ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන ඇති අතර, එයින් ලැබෙන ප්‍රතිලාභ චීනයට වාසිදායක ලෙස පමණක් සකස් වී ඇති අතර තම රටවලට ප්‍රතිලාභයක් නොලැබෙන බව වටහාගෙන ඇත.සමහර ණයගැති රටවල් සමඟද චීනයේ සබඳතා පළුදු වීමට පටන් ගෙන ඇති අතර, චීනය සමග සබඳතා පැවැත්වීම මගින් ඔවුන්ගේ ස්වෛරීභාවය පවතින්නේ අනතුරක බව ඔවුන් වටහා ගත්හ.

පෙනෙන ආකාරයට, BRI යනු ඓතිහාසික සේද මාවත ඔස්සේ සිදූවූ ආර්ථික සංවර්ධනය වර්තමානයට ගැලපෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා චීනය විසින් ආරම්භ කරන ලද ගෝලීය සංවර්ධන උපායමාර්ගයකි. කෙසේ වෙතත් මෙය ආරම්භ කිරීමට පාදක වී ඇති සැබෑම හේතුව වන්නේ ගෝලීය මට්ටමින් චීන ආධිපත්‍යය වර්ධනය කිරීමයි.ආසියාව, අප්‍රිකාව සහ යුරෝපයේ රටවල් 68 ක් පුරා පැතිරී ඇති යටිතල පහසුකම්,මූල්‍යකරණ සංවර්ධන වැඩසටහන චීන රජයේ ප්‍රධාන ආර්ථික, විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂක අරමුණු සඳහා යොදා ගැනෙනු ඇත.

උදාහරණයක් වශයෙන්, ඩොලර් බිලියන 46 ක් වටිනා පාකිස්තානයේ ආර්ථික ව්‍යාපෘතියක් වන චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝරය (CPEC) ගත හැකිය. මෙමගින් අරාබි මුහුදේ බලුකිස්තානයේ දකුණු ග්වාඩාර් වරාය චීනයේ බටහිර සින්ක්සියාං කලාපයට මාර්ග, දුම්රිය හා තෙල් සම්බන්ධතා ඔස්සේ සම්බන්ධ කරනු ඇත.කෙසේ වෙතත්, මෙය සැලසුම් කිරීමේදී බීජිනයේ සැබෑ අරමුණ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවවෙන් එල්ල වන බලපෑමට එරෙහි වෙමින් පකිස්තානයේ සහ මධ්‍යම හා දකුණු ආසියාව වෙත චීනය එල්ල කරන බලපෑම පුළුල් කිරීමයි.

මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ චීන සංවර්ධන බැංකුව, චීනයේ අපනයන-ආනයන බැංකුව සහ චීනයේ කෘෂිකාර්මික සංවර්ධන බැංකුව වැනි රජයේ පාලනය යටතේ පවතින සංවර්ධන හා වාණිජ බැංකු වලින්ය. කෙසේ වෙතත්, මේ හරහා රටවල් අල්ලා ගැනීම සදහා ඔවුන් භාවිතා කරන උපක්‍රමය නම් මෙම අරමුදල් ප්‍රදානයක් ලෙස ලබානොදී ණය ලෙස ලබාදීමයි. යම් කාලයක් ඉහළ පොලී අනුපාත යටතේ ලබාදෙන මෙම ණය අනුපාත සදහා සහන සියයට දෙකේ සිට සියයට පහ දක්වා වෙනස් විය හැකිය.

ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ අධ්‍යයනයකට අනුව, 2018 දී ලෝක බැංකුව විසින් BRI ව්‍යාපෘති සඳහා සහභාගී වන රටවලට ඉදිරියේදී ඇති විය හැකි ණය අවදානම්, සංවර්ධනය අඩාල වූ යටිතල පහසුකම්, සමාජ අවදානම් සහ දූෂණ වැනි ගැටලු පිළිබඳව අනතුරු ඇඟවීය. CPEC ව්‍යාපෘතිය දියත් කිරීම තුලද ලෝක බැංකුව අපේක්ෂා කරන ලද මෙම සියලු ගැටලු පැන නැගී ඇති බව පෙනේ. සමාන්‍යයෙන් ණය සේවා ලබා දියත් කරන ලද ව්‍යාපෘති ප්‍රතිලාභ ලබා දිය යුතු අතර මෙහිදී එය බොහෝ අවස්ථාවන්හිදී සිදු නොවිය හැකිය.ණය ගැතියා ස්වෛරී පුද්ගලයකු වන විට හෝ ණය ස්වෛරී සහතිකයක් යටතේ පවතින විට, ණය සේවා පිළිබඳ ගැටලු ණයගැතියාගේ රට සහ චීනය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයට බලපානු ඇත. මෙය චීන රජය පාකිස්තානය වැනි මිත්‍ර රටක් සමඟ පවා මුහුණ දීමට සිදුවී ඇති ගැටලුවකි.

ණය වැඩි වන විට ණයගැති රටවල්වලට චීනය මත යැපීමට සිදුවීමෙන් ඇතිවන ආතතියට සහ සමහර ණයගැති රටවල් ද BRI ව්‍යාපෘති නිසා රට තුල පැන නගින අභ්‍යන්තර ගැටලු හේතුවෙන් ආතතියට මුහුණ දෙයි. ණය අර්බුදය හේතුවෙන් මේ ආකරයෙන් ආතතියට පත් විය හැකි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු රටවල් අටක් හඳුනාගෙන ඇත.ඒවා නම්: ජිබුටි, කිර්ගිස්තානය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, ටජිකිස්තානය සහ පාකිස්තානය යි. ජිබුටි යනු චීනයේ පළමු විදේශ හමුදා කඳවුර පිහිටා ඇති ස්ථානයකි. සූවස් ඇළට පිවිසෙන දොරටුව පිහිටා ඇති කුඩා නැගෙනහිර අප්‍රිකානු රටක් වන මෙහි වසර දෙකක් තුළ රාජ්‍ය බාහිර ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 සිට 85 දක්වා ඉහළ ගොස් තිබේ. එයින් වැඩි ප්‍රමාණයක් චීනයට ගෙවිය යුතු රජය විසින් සහතික කරන ලද රාජ්‍ය ව්‍යවසාය ණය වලින් සමන්විත වේ.

හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟ ශ්‍රී ලංකාවද මෙම ණය උගුලට හසුවී දුක්ඛිත තත්වයකට වැටී ඇති බව ප්‍රචලිත වී තිබේ. වරායේ ආර්ථික තත්වය දුර්වල වන්නට වූ අතර චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 1.1 ක ණය මුදල චීනයට ආපසු ලබා දීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. මෙහි පොලී අනුපාත සියයට දෙකේ සිට සියයට 6.3 දක්වා විය. මේ හේතුවෙන් වසර 99 ක කල්බදු ක්‍රමයක් යටතේ වරායේ සියයට 85 ක කොටස් අත්පත් කර ගනිමින් චීනය අරමුදල් මාරු කිරීමෙන් එ ණය, කොටස් බවට පරිවර්තනය කර ගනිමින් ණය පියවා ගැනීමට කටයුතු කරන ලදී.චීනය පැත්තෙන් බැලූවිට එය ආපසු ගෙවීමේ අර්බුදයක් ඇති නොවන සේ ලබදුන් සහනයක් වන අතර ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ විට ස්වෛරීභාවය අහිමි වී ඇත.ඇත. කෙසේ වෙතත් බීජිනයට අන්දමන් මුහුදට ආසන්න මුරපොලක් ලැබී ඇති අතර එය ඉන්දියාවට විශාල හිසරදයක් වී තිබේ.

CPEC ව්‍යාපෘතිය සමගම එය යටතේ ඇති ව්‍යාපෘතිවල මුළු වටිනාකම ඩොලර් බිලියන 62 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ හේතුවෙන් පාකිස්තානය ද ණය අර්බුදයකට මුහුණ දීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටී. මේ වනවිට පකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ණය අනුපාතය සියයට 70 ඉක්මවිය හැකිය. BRI යටතේ ඇති සේද මාවත ආර්ථික මාවත් හයෙන් එකක් වන අතර, CPEC මගින් ආර්ථික ස්ථායිතාව ඉහළ නැංවීමට සහ පාකිස්තානයට වෙනත් ප්‍රතිලාභ ලබා දීමට අදහස් කළද මෙම ව්‍යාපෘති සියල්ල සෑම විටම චීනයට වාසිදායක ලෙස පමනක් ක්‍රියාත්මක කරනු ලැබේ.

ග්වාඩර් වරායේ සිට කුන්ජරාබ් දක්වා මාර්ගයක් තැනීම චීනයට අරාබි මුහුදට පිවිසීමට උපකාර කළ අතර මලක්ක සමුද්‍ර සන්ධිය වෙනුවට මෙය භාවිතා කල හැකිවූ අතර මෙමගින් පිරිවැය, කාලය සහ දුර ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකි විය. ග්වාඩර් වරාය චීනය ඉන්දියාව වටා රෙදි විවීමට උත්සාහ කරන “නූල්” වල “මුතු” වලින් එකක් ලෙසද විස්තර කෙරේ. CPEC ආර්ථික ව්‍යාපාරයක් හැදින්වුවද එය ආර්ථික ව්‍යාපාරයක් ලෙස මුල සිටම දුර්වල විය.

එය ආර්ථිකය එක් කොරිඩෝවක් හා කේන්ද්‍ර කොට සම්බන්ධ කිරීමක් නොව, අරාබි මුහුද වෙත චීනයට පහසුවෙන් ප්‍රවේශ වීම සදහා පාකිස්තානය යොදා ගනිමින් සරලවම සිදු කරන ලද ව්‍යාපෘති මාලාවකි. CPEC නිසා පාකිස්තානය ණය උගුලකට හසු වීමේ හැකියාව හැරුණු විට, ඉඩම් අත්පත් කර ගත් විට ඒ සදහා ප්‍රමාණවත් අන්දමින් වන්දි නොගෙවීමේ අමතර ගැටළුවක්ද පවතින අතර, මේ හේතුවෙන් ඔවුන්ගේ ආර්ථික තත්වයන් පිරිහී ඇති හෙයින් පාකිස්තානයේ ජනතාව මෙම ආර්ථික කොරිඩෝව තුළ ජීවත්වීම පිලිබඳව අතිශයින් අසතුටට පත්ව ඇත.

දේපළ අත්පත් කර ගැනීම හේතුවෙන් ඔවුන්ට ලැබෙන වන්දි මුදල සාමාන්‍යයෙන් ආයෝජනය කරනු ලබන්නේ නිපුණතා නොමැතිකම හේතුවෙන් අසාර්ථක වන ව්‍යාපාරයක ය. මෙවැනි ව්‍යාපෘති වලින් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති මිනිසුන් සිටින ග්‍රාමීය හා ගෝත්‍රික ප්‍රදේශ හරහා CPEC ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවිය හැකි අතර ඒ හේතුවෙන් වැඩෙන දූෂණ විරෝධතා ගැටුම් වලට තුඩු දිය හැක.චීනය මෙම ආර්ථික කොරිඩෝව ඉදිකරනු ලබන පාකිස්තානය විසින් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිටින ගිල්ගිට් – බැල්ටිස්තානයේ නම් සංවේදී කලාපයේ පරිසරයට තර්ජනයක් වන පරිදි දිනකට වාහන 5,000 ක් පමණ මෙම මාර්ගය භාවිතා කරනු ඇත.

CPEC හරහා විදුලි ව්‍යාපෘති වැනි ව්‍යාපාර සඳහා යාමට චීනයට දැඩි උනන්දුවක් තිබුණි. ඉස්ලාමීය මූලධර්මවාදයේ වර්ධනය නැවැත්වීම සඳහාද චීනයට සින්ක්සියාං කලාපයට ආසන්නව මෙම ප්‍රදේශවල ස්ථාවරත්වයක් අවශ්‍ය විය. කෙසේ වෙතත්, චීනය විසින් භූ-මූලෝපායික කලාපයක ස්වභාවික සම්පත් මේ ආකාරයෙන් ගසා කෑම හේතුවෙන් මෙවැනි ව්‍යාපෘතීන් හරහා පාකිස්තානයට සිය ස්වෛරීභාවය අහිමි වන බව මේ පිලිබඳ අදහස් දක්වමින් කීර්තිමත් නිරීක්ෂකයින් පෙන්වා දී තිබේ. තම ස්වෛරීභාවය අහිමි වන බව පවසමින් 2017 දී සහ 2019 දී BRI රැස්වීම්වලට සහභාගී වීම ඉන්දියාව දෙවරක් ප්‍රතික්ෂේප කර ඇත.

දැන් චීන ආයෝජන පිළිබඳ උද්යෝගය පාකිස්තානය තුළ අඩුවී ඇති අතර CPEC ව්‍යාපෘතිවලට එරෙහිව විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතී. රොයිටර් වාර්තාවකට අනුව, පාකිස්තානයේ සැලසුම් කර ඇති විශාලතම BRI ව්‍යාපෘතිය, ඩොලර් බිලියන 8.2 ක වියදමින් අරාබි මුහුදේ සිට හින්දු කුෂ් කඳු පාමුල දක්වා වූ යටත් විජිත දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමයි. නමුත් ණය වී මෙම ව්‍යාපෘතිය දියත් කිරීම පිලිබඳ නැවත සිතා බැලීමට පාකිස්තානය ගත් තීරණය තුල මෙම ව්‍යාපෘති දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ.නවාස් ෂරීෆ් රජය යටතේ සැලසුම් කර ඇති මෙවැනි ව්‍යාපෘතින් හේතුවෙන් ඉහළ යන ණය මට්ටම් පිළිබඳව ඉම්රාන් ඛාන් යටතේ ඇති නව රජය අනතුරු අඟවා ඇති අතර ඉහළ යන ණය මට්ටම්වලින් රට බේරා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.දැන් පාකිස්තාන රජයට අවශ්‍ය වී ඇත්තේ දුම්රිය ව්‍යාපෘතීන් වැනි ව්‍යාපෘතීන් තුලින් අවදානම් දැරීමට සිදු නොවන වෙනත් මාදිලීන් ඔස්සේ මෙවැනි ව්‍යාපෘතීන් දියත් කිරීමටය.

රොයිටර් වාර්තාවට අනුව, පාකිස්තාන නව රජයට සියලු BRI කොන්ත්‍රාත්තු සමාලෝචනය කිරීමට අවශ්‍ය වී ඇත. ඔවුන් එම ව්‍යාපෘති මිල අධික බවත්,අධික ලෙස චීනයට හිතකර බවත් කියමින් සිටී.එහෙත් බීජිනය තවමත් ආරම්භ කර නොමැති ව්‍යාපෘති පමණක් සමාලෝචනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

BY Noman Hossain (Freelance Journalist)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here