Home Hit අමුද්‍රව්‍ය හිඟය නිසා චීනයේ වාහන නිශ්පාදනයට බාධා

අමුද්‍රව්‍ය හිඟය නිසා චීනයේ වාහන නිශ්පාදනයට බාධා

437

චීන ආර්ථිකයට කොරෝනා වසංගතයෙන් වූ බලපෑම ක්‍රමයෙන් අවම වෙමින් ව්‍යාපාර යළි යථා තත්වයට පත්වෙමින් පැවතියද, වාහන නිශ්පාදනය සඳහා අවශ්‍ය අර්ධ සන්නායක (semiconductors) නොමැති වීම නිසා එරට වාහන නිශ්පාදනයේ නිරතව සිටින වොක්ස්වැගන් සමාගම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

චීනය තුල නිශ්පාදන කටයුතු සිදුකරන විශාලතම විදේශීය සමාගම වන වොක්ස්වැගන් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී ස්ටෙපන් වෝල්ස්ටයින් උපුටා දක්වන අල් ජසීරා වාර්තා කර ඇත්තේ, මේ වසරේ දෙවන කාර්තුව වන විට වාහන මිලියන 4 ක් නිපදවිය යුතු වුවද එම නිශ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.

මේ හේතුවෙන් නව සැපයුම්කරුවන් පවා සොයා ගැනීමට එම සමාගමට සිදුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here