Home Hit ‘හදපු රජය රකින්න ඕනේ – ගෙදර ගිනි එළියට ගෙනියන්න එපා, එළියේ ගිනි...

‘හදපු රජය රකින්න ඕනේ – ගෙදර ගිනි එළියට ගෙනියන්න එපා, එළියේ ගිනි ගෙදරට ගේන්න එපා’ – GL

498
0

රජයක අභ්‍යන්තරික ගැටලු සියලු පාර්ශව සහයෝගයෙන් කතාබහකොට විසදාගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ සන්ධාන රජයක් තුල එකිනෙකා අතර හෝ කණ්ඩායම් අතර විවිධ ගැටලු ඇතිවීම සාමාන්‍ය කරුණක් බවයි.

අද පෙරවරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.

හදපු රජය රැකිය යුතු බවත් බුද්ධ ධර්මයේ පවා ගෙදර ගිනි එළියට ගෙනියන්න එපා,එළියේ ගිනි ගෙදරට ගේන්න එපා යනුවෙන් සඳහන් කර ඇති බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ගැටළුවක් ඇත්නම් ඒවා විසඳා ගත යුත්තේ සකච්ඡා මාර්ගයෙන් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here