Home Coronavirus 2020 කොරෝනා අවදානම මැද ජනතාවගේ හැසිරීම ඉතාමත් කණගාටුදායකයි – මෙහෙම ගියොත් නීති දැඩි...

කොරෝනා අවදානම මැද ජනතාවගේ හැසිරීම ඉතාමත් කණගාටුදායකයි – මෙහෙම ගියොත් නීති දැඩි කරනවා

183
0

අලුත් අවුරුදු සමයේ මෙරට ජනතාවගේ හැසිරීම් රටාව ඉතාමත් කණගාටුදායක බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මෙහි බරපතල ප්‍රතිවිපාක ඉදිරිකාලය තුල නියත වශයෙන් අත්දැකීමට සිදුවනු ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේ.

මේවනවිටත් සෞඛ්‍ය උපදෙස් පිළිබඳ කිසිඳු තැකීමකින් තොරව ජනතාව වගකීම් විරහිත ආකාරයේ ජීවන රටාවක නිරත වන බවත් මෙම තත්වය තවදුරටත් පවතින්නේනම් සෞඛ්‍ය නීති රීති ඉතා දැඩි කිරීමට සිදුවනු ඇති බවත් සුදත් සමරවීර මහතා කියා සිටියා.

මේ අතර කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන සතියේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරන බවද සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here