Home Entertainment ‘සංවිධායකයෝ අපිට බොරු කරා – කිරුළ එයාට දෙන්න අපිව පාවිච්චි කළා’ –...

‘සංවිධායකයෝ අපිට බොරු කරා – කිරුළ එයාට දෙන්න අපිව පාවිච්චි කළා’ – මිසිස් ශ්‍රී ලංකා අවසන් තරඟකාරියන්

11563
0

ඉකුත්දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ සංවිධාකයින් එහි තරඟකාරියන්ගේ විශ්වාසය කඩකළ බවට එහි තරඟ වැදුනු තරඟකාරියන් පවසනවා.

එහි අවසන් වටයට තේරුන තරඟකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළා.

විවාහක රූ රැජිණ කිරුළ පෞද්ගලිකව එක් අයෙකුට ලැබුනත් ජාත්‍යන්තරයේදී එය එක් පුද්ගලයකුගේ නියෝජනයක් පමණක් නොව රටක නියෝජනයක් සිදුවන බැවින් සුදුසු තරඟකාරියක් ඒ සඳහා තෝරාපත් කරගතයුතු බව එම තරඟකාරියන් මෙහිදී අවධාරණය කළා.

තරඟයේ මුල් වටයේදී ලබාදුන් උපදෙස් අවසන් වට වලට යාමේදී සංවිධායකයින් නොසලකා හරිය බවට මෙහිදී එම මහත්මීන් චෝදනා කරනු ලැබුවා.

එම තරඟය විනිශ්චය කිරීමට පැමිණි සිටි විදේශ විනිසුරු වරුන් තරඟය තුල සිදුවන දේ අවබෝධයක් නොතිබූ බව සඳහන් කළ ඔවුන් එම විවාහක රූ රැජිණ තරඟය අතර වාරයේ සිදු වූ අඩුපාඩු මෙන්ම ඔවුන්ට සිදු වූ අසාධාරණ කම් පිළිබඳව ද ඔවුන් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කරනු ලැබුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here