Home Hit මොන ආයෝජකයෙක් ආවත් අපේ රටේ නීතිය ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වියයුතුමයි – රාජ්‍ය...

මොන ආයෝජකයෙක් ආවත් අපේ රටේ නීතිය ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වියයුතුමයි – රාජ්‍ය අමාත්‍ය විදුර

418
0

මෙරටට කුමන ආයෝජකයෙක් පැමිණියත් මෙරට නීතිය සෑම කෙනෙකුට මෙන්ම සෑම තැනකටම ක්‍රියාත්මක වියයුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

කොළඹ පෝට් සිටිය පිළිබඳව ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරයා මේ අදහස් දක්වා සිටියා.

හොංකොං ලෙස මෙරට වෙනම පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීමට හැකියාවක් නොමැති බව ඔහු අදහස් දක්වමින් කියා සිටියා.

මේ කටයුතු මෙරට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කරනු ලබන්නේනම් ඉන් මෙරට ඉදිරි ගමනට විශාල ශක්තියක් ලැබිය යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here