Home Coronavirus 2020 කොරෝනා මරණ 7ක් සමඟ ඊයේ වාර්තා වූ ආසදිතයින්ගෙන් වැඩිම පිරිසක් විදේශ වල...

කොරෝනා මරණ 7ක් සමඟ ඊයේ වාර්තා වූ ආසදිතයින්ගෙන් වැඩිම පිරිසක් විදේශ වල සිටි පැමිණි අය

373
0

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 237 දෙනා අතරින් වැඩිම පිරිසක් විදෙස් රටවල සිට පැමිණි අය බව කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 78ක්. කලුතර දිස්ත්‍රික්කයෙන් 23ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 21ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 20ක්, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් 18 දෙනා බැගින් ඊයේ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 13ක්, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින් 09ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8ක් පුත්තලම දිස්ත්‍රීක්කයෙන් 7ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 3ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 2ක් ගාල්ල – අනුරාධපුර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් එක් අයෙක්ද බැගින් ඊයේ ආසාදිතයින් වාර්තා වූ බවයි Covid – 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

ඒ අතර තවත් කොරෝනා මරණ 07 ක් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here