Home Hit ජල මාපක 97ක් සන්තකයේ තබා ගැනීමේ වරදට දැරණියගල ප්‍රාදේශීය සභාව...

ජල මාපක 97ක් සන්තකයේ තබා ගැනීමේ වරදට දැරණියගල ප්‍රාදේශීය සභාව සභාපති අත්අඩංගුවට

269
0

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 97ක් සන්තකයේ තබා ගැනීමේ වරදට සිද්ධියකට අදාළව දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ පොදු දේපළ පණත කඩ කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිනකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ජාතික ජල සම්පාදන මන්ඩලය විසින් දැරනියගල කඹුරුගොමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතියකට අයත් ජල මනු 97 සහ තවත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමක් පිළිබඳව පසුගිය මාර්තු තිස් වෙනිදා දැරනියගල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම මෙම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ දැරනියගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ගබඩාව භාර ලිපිකරුවෙක් සහ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබුවා.

 සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඊයේ දිනයේ දී සොරකම් කරන බවට සැක කෙරෙන ජල මනු අනු හතක් (97)දැරනියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතුව තිබී සොයාගෙන තිබෙනවා.

සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජල මනු සොරබඩු බව දැන ඒවා ළඟ තබාගැනීමේ වරදටයි.

ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here