Home Local රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ

රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ

294
0

රට තුළ චීන ප්‍රාන්තයක් ගොඩ නැගීමට ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට බලයක් දී නැතැයි, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු නායකවරයා මෙම අදහස් පළ කළේ ,වරාය නගර පනත පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකට අද (16) එක්වෙමිනි.

අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේ, වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි. තවද එවැනි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා වෙනුවට ආණ්ඩුව බලහත්කාරය, විවිධ වර්ගයේ වංචාවන් උපයෝගී කර ගනිමින් සිටින බව ද ඔහු පැවසී ය. දින 5ක නිවාඩු කාලයක් ඉලක්ක කර මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ඊට එරෙහිව අධිකරණය හමුවට යාමට ඇති ඉඩකඩ අහුරුවා ලීමේ අරමුණින් බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන ලදි.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අද උදෑසන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිසානායක මහතා අදහස් පළ කළේ ය .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් තර්ජන එල්ල කිරීමේ තත්ත්තවයට ජනාධිපතිවරයා ගමන් කර තිබේ නම්, සාමන්‍ය පුරවැසියෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකයක් මතු නොවන්නේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේ ය. විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට සිය ප්‍රතිචාරය දැක්වීමට ජනාධිපතිවරයාට වේදිකා ගණනාවක් තිබෙන බව ද දිසානායක මහතා සිහිපත් කර සිටියේ ය.

ඔහු අවධාරණය කළේ , ආණ්ඩුවට එරෙහි විවේචන චෝදනා සම්බන්ධයෙන් බියවැද්දීමෙන් යටපත්කිරීමට දරන උත්සාහය ආණ්ඩුව නතර කළ යුතුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here