Home Hit චීනයේ සිනොෆාම් එන්නත ගැන රටවල් රැසක ජනතාව අතර සැක සංකා

චීනයේ සිනොෆාම් එන්නත ගැන රටවල් රැසක ජනතාව අතර සැක සංකා

193
0

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අරිෆ් අල්වි පසුගිය මාසයේදී කොරෝනා සදහා එන්නත ලබා ගැනීමෙන් පසු කොරෝනා ආසාදනය වීමත් සමග , චීන එන්නත වන සීනෝෆාම් එන්නතට එරෙහිව විශාල ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ.


මේ වසරේ පෙබරවාරි මාසයේදී 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනෝෆාම් එන්නත භාවිතා කිරීම පිළිබඳව පාකිස්තාන බලධාරීන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය කටයුතු පිලිබද විශේෂ සහකාර වෛද්‍ය ෆයිසාල් සුල්තාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එවැනි අනතුරු ඇඟවීමේ සටහනක් නිකුත් කර තිබේ. සීනෝෆාර්ම් දත්ත පිළිබඳ මූලික විශ්ලේෂණයන් විමර්ශනය කළ රජයේ විශේෂ කමිටුව වයස අවුරුදු 18 ත් 60 ත් අතර පුද්ගලයින් සඳහා පමණක් මෙම අවස්ථාවෙහිදී එන්නත ලබා දෙන ලෙස නිර්දේශ කර ඇති බව ඔහු පැවසීය.


සිනොෆාර්ම් ඇතුළු චීන නිෂ්පාදිත එන්නත් වල කාර්යක්ෂමතාව පිළිබඳව බරපතල සැක මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. චීන ඖෂධ සමාගම් තුනක් කොවිඩ් -19 සඳහා එන්නත් නිපදවීමේ ක්‍රියාවලියේ නිරතව සිටින අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ තුන්වන අදියරයන්හි අත්හදා බැලීම්වල ප්‍රතිඵල පිළිබඳව පූර්ණ වශයෙන් අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. චීන ආහාර හා ඖශධ පරිපාලනය පිලිබඳ හිටපු ප්‍රධානී බී ජින්ග්වාන් සමාගම්වලින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ අත්හදා බැලීම් පිළිබඳ නිරවද්‍ය දත්ත ලබා දෙන ලෙසයි.


ෂැංහයි හි ටාවෝ ලිනා එය “ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත එන්නත” ලෙස නම් කිරීමත් සමඟ එන්නත් පිලිබඳ විශේෂඥයන් සීනෝෆාම් එන්නතට එරෙහිව දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. සීනෝෆාම් එන්නත ලබාගත් අය තුළ අවම වශයෙන් සිදුවන අහිතකර ප්‍රතික්‍රියා 73 ක් විද්‍යා ඥයන් විසින් සොයාගෙන ඇත. මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඊජිප්තු සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය විසින් සීනෝෆාර්ම් එන්නතෙන් ඇති විය හැකි අතුරු ආබාධ ලැයිස්තුවක් නිකුත් කරන ලදී.ඒ අතරට එන්නත ලබා දුන් ප්‍රදේශයෙහි වේදනාව, රතු පැහැය, තද ගතිය සහ කැසීම, ශරීර උෂ්ණත්වය ඉහළ යාම, හිසරදය. තෙහෙට්ටුව, ඔක්කාරය හා වමනය; පාචනය, කැස්ස සහ අසාත්මිකතා; මාංශ පේශි වේදනාව; සන්ධි වේදනාව සහ උදාසීනතාවය සහ මාංශ පේශි කැක්කුම යන අතුරු අබාධ ඇතුලත් වේ.

සීනෝෆාර්ම් ඇතුලු අනෙකුත් චීන එන්නත් පිළිබඳව පුළුල් ලෙස සැක කිරීමට ඉහත හේතූන් හා සමාන තවත් බරපතල හේතු තිබේ. සීනෝෆාර්ම් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ අතීතයේ වෙනත් එන්නත් සඳහා වලාකුළු යන්න යටතේ පැවති රජයේ ජෛව නිෂ්පාදන ආයතනයක් විසිනි. උදාහරණයක් ලෙස, එම සමාගම සැපයූ බවට චෝදනා එල්ල වූ ළදරුවන් සඳහා වන පාචනය ගලපටලය සහ කක්කල් කැස්ස එන්නත් වල ප්‍රමිතියෙන් තොර මාත්‍රාවන් 400,520 ක් 2018 දී ලබා ගන්නා ලදී. එම වර්ෂයේදීම චීන ඖෂධ පාලක විසින් එම සමාගම මගින් නිශ්පාදිත ජලභීතිකා එන්නත් 113,000 ක් සම්බන්ධ ව්‍යාජ දත්ත සොයාගෙන ඇත.
චීන සමාගම් ඔවුන්ගේ සායනික අත්හදා බැලීමේ දත්ත මහජනයාගෙන් රහසිගතව තබා ගැනීමට දක්ශය . ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂ උපදේශක කණ්ඩායම මෑතකදී කියා සිටියේ මෙම එන්නත හා සම්බන්දව“වැඩිහිටි වයස් කාණ්ඩවල සහ සම අශ්‍රිත රෝගාබාධ සහිත පුද්ගලයින්ගේ දත්ත නොමැති” බවයි. සයිනෝෆාම් විධායක නිලධාරියෙක් මෑතකදී මාධ්‍ය වෙත පැහැදිලි කර දී ඇත්තේ එය විද්‍යාත්මක සඟරාවල පළ කරන බවයි. නමුත් එය මෙතෙක් සිදු වී නොමැත.ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද එන්නත පිලිබඳ සායනික අත්හදා බැලීම්වල තියුනු වෙනස්කම් හේතුවෙන් මෙම රහස්‍යභාවය බරපතළ කාරණයක් බවට පත්ව ඇත. සිනෝෆාම් විසින් ප්‍රකාශයට පත් කරන ලද කාර්යක්ෂමතා අනුපාතය 79% ක් වන අතර එය එක්සත් අරාබි එමීර් ‍‍රාජ්‍ය එකම එන්නත සදහා දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ 86% ක අනුපාතයට වඩා අඩුය.

තත්වය වඩාත් නරක අතට හැරී ඇත්තේ , පේරු හි, සායනික පරීක්ෂණයකදී, එක් ස්වේච්ඡා සේවකයෙක් මෙම එන්නත එන්නත් කිරීමෙන් පසු ස්නායු හානියක් සමග බොහෝ විට අංශභාගය ඇති කරන ගුයිලේන්-බැරේ සින්ඩ්‍රෝමය හා සම්බන්ධ දරුණු ස්නායු ආබාධ පෙන්නුම් කළේය. එතැන් සිට, එන්නත පිළිබඳ සියලු පරීක්ෂණ නතර කර ඇත. මීට පෙර, ජනවාරියේදීද , පේරු ස්වේච්ඡා සේවකයෙකු සීනෝෆාම් එන්නත එන්නත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. සිංගප්පූරුවේ, සමූහ ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා සිනොෆාර්ම් භාවිතා කිරීමේ හදිසි අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කොට තිබේ .එසේම දූපත් වාසීන් සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහන සදහා වෙනත් විකල්ප භාවිතා කරයි. එලෙසම ශ්‍රී ලංකාවටද සීනෝෆාර්ම් එන්නත මාත්‍රා 600,000 ක් ලැබී ඇති නමුත් ඒවා චීන ජාතිකයින් සඳහා පමණක් භාවිතා කිරීමට තීරණය කර තිබේ. තම පුරවැසියන්ගේ ප්‍රතිශක්තිකරණය සඳහා චීන සිනෝෆාම් එන්නත් භාවිතා කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ද දැඩි ලෙස පසුබට වෙති.

එසේම චීනය සිය වෙළඳ සගයන් සහ ආයෝජන ගමනාන්ත වෙත එන්නත් ලබා දීමට බල කිරීමත් සමඟ, චීන එන්නත් පිළිබඳව ජනතාව අතර සැකයක් වර්ධනය වෙමින් පවතී. හොංකොං විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, සියයට 61 ක් පමණ දෙනා චීනය විසින් නිපදවන එන්නත් ලබා ගැනීමට කැමති නැති බව හෙලිවී තිබේ.යූගොව් නම් ඡන්ද විමසීමේ සමාගම විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ චීනය හා රුසියාව විසින් සිදු කරන ලද මෙම එන්නත් සොයා ගැනීම් පිළිබඳව ලොව පුරා ජනතාව අවිශ්වාසයෙන් සිටින බවයි.

Wriiten by By Noman Hossain

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here