Home Hit හිට්ලර් කෙනෙක් ඕනෙ නෑ; ජනපතිට වැඩ කරන්න දෙන්න

හිට්ලර් කෙනෙක් ඕනෙ නෑ; ජනපතිට වැඩ කරන්න දෙන්න

399
0

ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු මෙන් රට පාලනය කරනු ඇතැයි ඒ මහතාට ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වන බවට පසුගියදා රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රතිචාර දක්වන ලදි.

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් දක්වන ලද්දේ ඊයේ (15) ගම්පහදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මේ රටට හිට්ලර් කෙනෙක් නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නෙ. මේ රටට අවශ්‍ය කරන්නෙ රටට ආදරය කරන පරමාදර්ශී නායකයෙක්. මං හිතන්නෙ ඒ නායකයා මේ වෙලාවෙ අපට ලැබිලා තියෙනවා.

ඒ නායකයා පිටිපස්සෙ විශාල බලකායකුත් හිටගෙන ඉන්නවා. ඒ අයට හරි අවස්ථාව ලැබුණාම ඒ අයට ඒ නායකයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණාම අපි විශ්වාස කරනවා තව අවුරුදු හතරකින් ආපහු හැරිලා බැලුවාම අපට මේ රටේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි කියලා.

ශක්තිමත් නායකයෙක් කියන එකයි ඒකාධිපතියෙක් කියන එකයි දෙකක්. මොකද රටක නීති මාලාවක් තියෙනවා. ඒ නීති මාලාව තුළ නායකයෙක් ක්‍රියා කරන්නෙ. රට අයිති ජනතාවට. ඒ ජනතාවගේ කැමැත්ත තීන්දු වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන නායකයාට ඒ නායකයා විසින් ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරන්න අවශ්‍ය වාතාවරණය තියෙන්න ඕනෙ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here