Home Hit සමාජ ජාලා වල ජාතිද්‍රෝහි ප්‍රකාශ නිකුත් කරන අයට දඬුවම් දෙන්න දණ්ඩ නීති...

සමාජ ජාලා වල ජාතිද්‍රෝහි ප්‍රකාශ නිකුත් කරන අයට දඬුවම් දෙන්න දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පියවර

846

අන්තවාදී හා ත්‍රස්ත්‍රවාදී ප්‍රකාශ සමාජ මාධ්‍යයේ පළ කරන පිරිස් සදහා දඩුවම් දීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇතුලත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මුල්ලේරියාව ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

ව්‍යවස්ථාවේ කතා කිරීමේ නිදහස ඇතත් එය කිසිසේත්ම අවහිර නොකර අලුත් පණතක් නොව දැනට පවතින පනතටම සංශෝධන ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

සමාජ මාධ්‍ය ජාලවල ජාතින් අතර සංහිඳියාවට බලපාන ආකාරයට සම්පුර්ණයෙන් අසත්‍ය පුවත් පලකෙරෙන බැවින් හා අන්තවාදයට, ජාතිවාදයට උඩගෙඩි දෙන ජාතිද්‍රෝහී ප්‍රකාශ පළකරන අයට දඬුවම් කිරීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කර යම්දෙවල් එකතු කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here