Home Hit මිනීමරු හිට්ලර් කිසිඳු දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවේ – ජර්මානු තානාපති

මිනීමරු හිට්ලර් කිසිඳු දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවේ – ජර්මානු තානාපති

1929
0

වර්තමානයේ ශ්‍රී ලංකාවට “හිට්ලර් කෙනෙක්” ප්‍රයෝජනවත් විය හැකි බවට වන අසන්නට ලැබූන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජර්මනියේ මෙරට තානාපති Holger Seubert මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ මිලියන ගණනක් මරණයට පත්වීමත් සමඟ මිනිසුන්ගේ දුක් වේදනා සහ පරිකල්පනයෙන් ඔබ්බට ගිය බලාපොරොත්තු සුන්වීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් වගකිව යුතු බවයි.

එවැනි පුද්ගලයකු නිසැකවම කිසිම දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවන බව ඒ මහතා එහි සටහන් කර තිබෙනවා.

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් පාලනයක් ගෙන යා යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ(12) ප්‍රකාශයක් කර තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here