Home Hit පසුගිය වසර පහක් ගොවියන්ට දීලා තියෙන්නේ වස පොහොර

පසුගිය වසර පහක් ගොවියන්ට දීලා තියෙන්නේ වස පොහොර

303
0

2015 සිට වසර පහක් ගොවියන්ට ලබා දී ඇත්තේ විෂ සහිත පොහොර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

තමන් එම ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදු කරන බවයි රූපවාහිනී දේශපාලන සාකච්ජාවකදී ඔහු පැවසුවේ.

නිවැරදි තත්ත්වයේ පොහොර සඳහා ටෙන්ඩර් කැඳවා වැරදි පොහොර ගෙන්වා ඇති බවත් රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කළ පසු එම කණ්ඩායම වෙත මුදල් ලබා දී පොහොර නිදහස් කරගැනීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසනවා. විගණකාධිපති වාර්තාව පැමිණීමෙන් පසු පොහොර සංස්ථාවේ සභාපති අත්අඩංගුවට ගත් අතර පොහොර ලේකම් කාර්යාලයේ 07 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

එම නිසාම, මෙවර ප්‍රමිතියෙන් යුතු පොහොර දීමට තීන්දු කර තිබෙන බව පැවසූ අලුත්ගමගේ මහතා කියාසිටියේ පස පරීක්ෂා නොකර ගොවියන්ට පොහොර නිකුත් නොකරන බවයි.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය යනු අති දුෂිත ආයතනයක් බවද අමාත්‍යවරයා පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here