Home Hit පෞද්ගලික බස්රථ රියදුරන්ට නේවාසික පුහුණුවක් සඳහා රියැදුරු ගම්මාන

පෞද්ගලික බස්රථ රියදුරන්ට නේවාසික පුහුණුවක් සඳහා රියැදුරු ගම්මාන

285
0

පෞද්ගලික බස්රථ රියදුරන් සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වා ඉන් සමත්වන රියදුරන්ට නේවාසික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එම පුහුණු කටයුතු සඳහා රියදුරු ගම්මාන ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. අන්තර් පළාත් ගමනාගමනයේ යෙදෙන රියදුරන් 6000ක ප්‍රමාණයකට පළමු අදියරේදී මෙම පුහුණුව ලබා දෙන වවයි පැවසෙන්නේ. මෙහිදී ලබා දෙන බලපත්‍රය නොමැතිව බස් රථ ධාවනයට ඉඩ නොදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

පෞද්ගලික බස්රථ රියදුරන්ට සාපේක්ෂව ලංගම බස්රථ රියදුරන් අතින් සිදුවන රථවාහන අනතුරු අවම මට්ටමක පවතින බව ඒ මහතා පවසනවා. ලංගම රියැදුරන් හට විශේෂ පුහුණුවක් ලැබීම මීට හේතුවක් බවයි ඒ මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here