Home Hit ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට රු. 5000 දීමනාව ලබා දීම අද සිට

ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට රු. 5000 දීමනාව ලබා දීම අද සිට

209
0

අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දීම අද(12) සිට ආරම්භ වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,
වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,
ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,
වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්,
සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ
ඉහත සඳහන් පවුල් කාණ්ඩ 06 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබාදීමට නියමිතය.

සියලුම සමෘද්ධි නිලධාරින් අඩු ආදායම්ලාභීන් වෙත එම දීමනාව ලබා දීමේ කටයුතු සඳහා අද සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රතිලාභීන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට එම දීමනාව ලබා දීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here