Home Hit පාස්කු ප්‍රහාරයේ වෙනත් මහමොළකරුවෙක් ගැන තොරතුරු තියෙනව නම් කියන්න

පාස්කු ප්‍රහාරයේ වෙනත් මහමොළකරුවෙක් ගැන තොරතුරු තියෙනව නම් කියන්න

258

නවුෆර් මවුලවි හැර පාස්කු ප්‍රහාරයේ වෙනත් මහමොළකරුවෙකු සිටින බවට සාක්ෂි හෝ තොරතුරු ඇත්නම් කරුණාකර ඒවා තමන් වෙත ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ පසුගිය 09වැනිදා පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මවුලවි බව මා ප්‍රකාශ කළා. මා ඒ ප්‍රකාශය කළේ මෙතෙක් කරන ලද විවිධ විමර්ශනයන්ගෙන් ඒ මහත සනාථ වන නිසා.

රාජ්‍ය බුද්ධි අංශ වාර්තා, සැකකරුවන්ගෙන් ලබාගත් සාක්ෂි, විදෙස් බුද්ධි අංශ වාර්තා, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා සහ ජනාධිපති කොමිසමේ වාර්තාව ආශ්‍රිතවයි එවැනි ප්‍රකාශයක් කළේ. මීට අමතරව මහමොළකරුවෙක් සිටින බවට සාක්ෂි තොරතුරු තියනවා නම් කරුණාකර අපට එය ලබාදෙන්න.

තවද ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් වෙනවා නවුෆර් විසින් ඉටු කළ භූමිකාව කණ්ඩායමේ න්‍යායාචාර්යවරයෙකුගේ භූමිකාවට වඩාත් සමීප වන බව. මම අදත් හෙටත් කියන්නෙ මහමොළකරු නවුෆර් මවුලවි කියායි. අපි පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ගේ සියලුම දේපළ පවරාගන්නවා. එසේ ලබාගන්නා මුදල්වලින් වින්දිතයින්ට අමතර වන්දි ගෙවීම පිළිබඳවත් අපට සලකා බලන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here