Home Hit ‘සළුව පොඩ්ඩක් උස්සලා බැලුවම යට ඉන්නේ කවුද කියලා බලාගන්න පුළුවන්’

‘සළුව පොඩ්ඩක් උස්සලා බැලුවම යට ඉන්නේ කවුද කියලා බලාගන්න පුළුවන්’

530

මෙරට මේවන විට ඇත්තේ ලංකාවේ පාලනයක් නොවන බවත් එය අධිරාජ්‍යවාදී පාලනයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

එම පක්ෂයේ 56 වැනි සංවත්සරයට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් දැක්වීය.

“නන්දසේන මහත්තයාගේ පාලනයේ සළුව පොඩ්ඩක් උස්සලා බලන්න, උස්සල බැලුවම යට ඉන්න අධිරාජ්‍යවාදීන්” ඒ මහතා පැවසීය.

චීනය, ඉන්දියාව, ඇමරිකාව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ සලුවට සඟවා සිටින බවත් ඇමරිකාවෙන් ඔහුව ජනාධිපති කමට ඒවා ඇති බවත් ඔහුගෙන් පසු ජනාධිපති ධුරය සඳහාද මේ වනවිට ඇමරිකාවෙන් ඒවා ඇති බවත් බැසිල් උන්නැහේ පෙරුම් පුරා ගෙන සිටින බවත් ඔහු මෙහිදී පැවසීය.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පලවාහැරීමට වසර 443ක් මෙරට වැසියන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති බවට පවසූ ඒ මහතා තවමත් 56 වසරක් ගතවන ජනතා විමුක්ති පෙරමුණ මෙරට තුල සමාජවාදී පාලනයක් ඇති කිරීමට එටහරම් කාලයක් නොගන්නා බවත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here