Home Hit දයාබර නාමල් පුතේ, බක් මහේ අවුරුදු කුමාරයා මෙන් නුඹ පැමිණි දවස මට...

දයාබර නාමල් පුතේ, බක් මහේ අවුරුදු කුමාරයා මෙන් නුඹ පැමිණි දවස මට අද වාගේ මතකය

718
0

අදට (10) යෙදී තිබෙන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය Facebook පිටුවේ සටහනක් එකතු කර තිබෙනවා.

එය පහතින් දැක්වෙනවා.

දයාබර නාමල් පුතේ,

අපේ කැදැල්ලට කුළුඳුලේ දරු සුරතල් රැගෙන බක් මහේ අවුරුදු කුමාරයා මෙන් නුඹ පැමිණි දවස මට අද වාගේ මතක ය.

කාලය තුරඟ පිට නැඟී ගෙවී ගිය ද අපේ ලෝකය සුන්දර කළ පුංචි නුඹේ සොඳුරු දඟකාරකම්, ආදර කියුම් කෙරුම් අදටත් සැනසිල්ලකි

ඒ පුංචි නුඹ, අද ලොකු මිනිසෙකු වී රට ගොඩනඟන සටනට උර දී සිටිනු දකින්නට ලැබීම මටත් අම්මාටත් මහා සතුටකි. ඒ සතුට මේ රටට ආදරය කරන සෑම හදවතකට ම උරුම කරදෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා!

තෙරුවන් සරණයි!
තාත්තා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here