Home Hit LG ස්මාට් ෆෝන් වෙළඳපොලින් සමුගනියි

LG ස්මාට් ෆෝන් වෙළඳපොලින් සමුගනියි

392

දැඩි පාඩු හමුවේ සිය ස්මාට්ෆෝන් ව්‍යාපාරය වසා දමන බව LG Electronics සමාගම අද දින නිවේදනය කළේය.

ඒ අනුව LG ස්මාට් ෆෝන් නිෂ්පාදනය ජූලි 31 සිට නතර වීමට නියමිත අතර විදුලි වාහන උපාංග, ස්මාර්ට් නිවාස, රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍ර කෙරෙහි ඔවුන් සිය අවධානය යොමු කරනු ඇත.

2013 වසර වන විට ලෝකයේ 3 වැනියට විශාලතම ස්මාට් ෆෝන් නිෂ්පාදකයා බවටපත් ව සිටියේ දකුණු කොරියාවේ එල්ජී ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. අල්ට්‍රා-වයිඩ් ඈන්ගල් කැමරා වැනි නවෝත්පාදනයන් ද ඔවුන් සිය ස්මාට් ෆෝන් සඳහා හඳුන්වා දී තිබිණි. ස්මාට් ෆෝන් නිෂ්පාදනයේ LG සමාගමට ඉහළින් සිටියේ Samsung සහ Apple සමාගම් පමණි.

මේ අතර, LG Electronics සමාගමේ ප්‍රධාන කොටස් 5 අතරින් අඩුම පිරිවැයක් දරන්නේ ද ස්මාට්ෆෝන් කලාපය විසිනි. එය ඔවුන්ගේ සමස්ත ආදායමෙන් 7.4% කට පමණක් වගකීවේය. ගෝලීය වශයෙන් මේ වන විට එල් ජී ස්මාට් ෆෝන් විසින් නියෝජනය කරන්නේ ගෝලීය ස්මාට් ෆෝන් වෙළඳපොළේ 2%ක් පමණි. මේ තත්වය අනුව, මේවා නිඇපාදනය නතර කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

ලොව පුරා ස්මාට්ෆෝන් ව්‍යාපාරය, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් 10%ක අලෙවියේ අඩුවක් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here