Home Hit මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ රනීතා ඥාණරාජා ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය දිනා...

මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ රනීතා ඥාණරාජා ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය දිනා ගනී

298

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා ලබාදුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය දිනා ගන්නට මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා සමත් වුණා.

ඇය අදාළ සම්මානය ලබා ගත්තේ අමෙරිකානු ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් අතින්.

රනීතා ඥාණරාජා, බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් ඇතුළු විවිධ අසාධාරණයන් හමුවේ පීඩාවට පත් වූ පවුල් සහ පුද්ගලයන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර ලබාදුන් නීතීඥවරියක්.

ගත වූ වසර 15 තුළ ලොව රටවල් 75කට අධික සංඛ්‍යාවක දිරිය කතුන් 155ට අධික සංඛ්‍යාවක් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පිළිගැනීමට ලක්ව මෙම සම්මානය දිනා තිබෙනවා.

US awards Women of Courage award to Sri Lankan lawyer | Colombo Gazette

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here