Home Hit ශ්‍රී ලංකා – කොදෙව් ක්‍රිකට් සටනේ විශේෂ අවස්ථා නරඹන්න ( SLvsWI T20...

ශ්‍රී ලංකා – කොදෙව් ක්‍රිකට් සටනේ විශේෂ අවස්ථා නරඹන්න ( SLvsWI T20 Highlights)

306

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අද සමත් වුණා.

ඒ ඇන්ටිගා හී අද පැවති තුන්වන හා අවසන් විස්සයි 20 තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 03 කින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත්තේ ලකුනු 131ක් පමණයි.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුනු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර අෂේන් බණ්ඩාර ර ලකුණු 44ක් රැස්කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ කොදෙව්වන් පන්දුවාර 19 අවසානයේ කඩුලු 07 ක් දැවී තරගය ජයගැනීමට සමත් වුණා.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලියේ ශූරයන් බවට කොදෙව් කණ්ඩායම පත්වනු ඇති.

තරගයේ වීරයා බවට පත් වුයේ බටහිර ඉන්දීය කොදෙව් ෆේබියන් ඇලන්

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 10වනදා ආරම්භ වනවා.

තරග 3ක් ඊට අයත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here