Home Hit විදුර වික්‍රමනායක ටවර්හෝල් රඟහල කාර්‍යාලයට පැමිණ යකා නටයි

විදුර වික්‍රමනායක ටවර්හෝල් රඟහල කාර්‍යාලයට පැමිණ යකා නටයි

574

කොළඹ 07, විජේරාම පාරේ පිහිටි ටවර් හෝල් රඟහල් කාර්යාලයට සිකුරාදා (05දා) දහවල් 1.00ට පමණ කඩා වැදුණු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක එහි සේවය කරමින් සිටි කාන්තාවන්ට බැන වදිමින් යකා නටා ඇති බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

ටවර්හෝල් රඟහලේ තනතුරකට පත්කළ “ගෑනි” කවුදැයි විමසමින් හැසිරී ඇති රාජ්‍ය ඇමැතිවරයා එහිදී කියා ඇත්තේ ටවර්හෝල් පදනම සත පහකට වැඩක් නැති තැනක් යැයි සඳහන් කරමිනි.

ටවර්හෝල් රඟහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩග්ලස් සිරිවර්ධන මහතාවද එම තනතුරින් පහකර දමා තිබෙන බවද එම කාර්යාලයේ පිරිස් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here