Home Hit කාන්තා ප්‍රතිරූපයට හානි කරන්න සමාජ මාධ්‍ය භාවිත කරන අයවලූන්ට එරෙහිව දැඩි පියවර

කාන්තා ප්‍රතිරූපයට හානි කරන්න සමාජ මාධ්‍ය භාවිත කරන අයවලූන්ට එරෙහිව දැඩි පියවර

330

විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයවලූන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

එවැනි ගැටලුවලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ට කඩිනමින් පිළියම් යෙදීමට රජය ක්‍රියාකරන බවයි ඔහු සඳහන් කලේ.

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා කොළඹ ඊයේ(07) පස්වරුවේ පැවති උත්සවයකදී ආරක්‍ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කලා.

යුධ සමයේ දී රණවිරුවන්ගේ මව්වරුන් සහ බිරින්දෑවරුන් විඳි අපහසුතා සහ ආතතිය විඳදරාගැනීම පිළිබඳ මුළුමහත් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවන බවයි කමල් ගුණරත්න මහතා කියාසිටියේ.

ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ විදෙස් රටවල ‌සේවය කරන කාන්තා ශ්‍රමිකයින්ගෙන් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය අති මහත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here