Home Hit SIගේ බිරිය දේහය ගෙටවත් අරන් නෑ

SIගේ බිරිය දේහය ගෙටවත් අරන් නෑ

1554

රත්න­පුර-කුරු­විට ප්‍රදේ­ශයේ පදිංචි තිස් හැවි­රිදි තරු­ණි­යක් ඝාත­න­ය­කි­රීම සම්බ­න්ධ­යෙන් සැක කෙරෙන බඩ­ල්කු­ඹුර පොලී­සිය මඟින් ඉකුත් (03) වෙනිදා බඩ­ල්කු­ඹුර-වෙහෙ­ර­ගොඩ ප්‍රදේ­ශයේ ඉඩ­මක රබර් ගසක එල්ලෙ­මින් තිබූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ මර­ණය පිළි­බ­ඳව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පෙරේදා (06) මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහ­ලේදී සිදු­කෙ­රිණි.

බුත්තල පොලී­සියේ සේවය කළ බඩ­ල්කු­ඹුර 05 කණුව වෙහෙ­ර­ගොඩ පදිංචි අධි­කාරි මුදි­යා­න්සේ­ලාගේ ප්‍රේම­සිරි (52) නැමති තිදරු පියාගේ මර­ණය පිළි­බ­ඳව මෙම පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වීම මොන­රා­ගල දිසා විනි­සුරු හා මහේ­ස්ත්‍රාත් ඒ.එල් සචිනී අම­ර­වි­ක්‍රම මහ­ත්මි­යගේ නියෝ­ග­යක් මත මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී එල්.කේ.සී.ඩී ආරි­ය­රත්න මහතා විසින් මෙම පරී­ක්ෂ­ණය පව­ත්වන ලදි. මෙම අව­ස්ථා­වට මිය­ගිය උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ බිරිය වන මිරි­හා­නගේ රමණී ක්‍රිෂාන්ති (46),විසි­හ­තර හැවි­රිදි පුතා සහ දාහත් හැවි­රිදි වැඩි­ම­හල් දිය­ණිය පැමිණ සිටි­යහ.

දහ­තුන් හැවි­රිදි බාල දිය­ණිය පැමිණ සිටියේ නැත. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා මෘත දේහයේ කොටස් වැඩි­දුර පරී­ක්ෂණ සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කරන ලදි.

අදාළ වාර්තාව ලැබී­මෙන් පසු මර­ණ­යට හේතුව අධි­ක­ර­ණ­යට දැනු­ම්දී­මට නිය­මි­තය.

මෘත දේහය භාර­ගත් මිය­ගිය අයගේ බිරිඳ සිය පවුලේ ඥාතීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් 06 වෙනිදා රාත්‍රී දේහය බඩ­ල්කු­ඹුර වෙහෙ­ර­ගොඩ පොදු සුසාන භූමි­යේදී මිහි­දන් කරන ලදි.

පවුලේ ඥතීන් කිහි­ප­දෙ­නෙකු උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ සිරුර බඩ­ල්කු­ඹූර 5 කණුව ප්‍රදේ­ශයේ නිව­සට රාත්‍රි 9.30ට පමණ ගෙන­විත් නිවස තුළට නොගෙන ආලි­න්දයේ පැය භාග­යත් තබා කිසිදු ගෞර­ව­යක් නොකර ආග­මික වතා­වත් සිදු­කි­රී­මෙන් අන­තු­රුව පොදු සුසාන භුමි­යට ගෙන ගොස් මිහි­දන් කෙරිණ. මෙම අව­ස්ථා­වට කිසිදු පොලිස් නිල­ධා­රි­යෙකු සහ­භාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරු­වන් තිදෙනා ජන­මා­ධ්‍ය­යට මුහුණ නොදි‍ නිව­සට වී සිටි­යාය. පසුව පවුලේ ළගම ඥතීන් කිහි­ප­දෙ­නෙකු පම­ණක් සිරුර සුසාන භූමි­යට ගෙන ගොස් මිහි­දන් කෙරිණි. මේවන තුරු තරු­ණි­යගේ හිස හමුවී නොමැත. මොන­රා­ගල ජේෂ්ඨ පොලිස් අධි­කාරී සිසිල හේරත් මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක් තරු­ණි­යගේ හිස බඩ­ල්කු­ඹුර ප්‍රදේ­ශයේ දමා­ගොස් ඇත්දැයි සොයා­බැ­ලී­මට පරී­ක්ෂණ ආර­ම්භ­කර ඇත.

(දිනමිණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here