Home Hit රන්ජන්ට මාස තුනක නිවාඩුවක් ඉල්ලයි

රන්ජන්ට මාස තුනක නිවාඩුවක් ඉල්ලයි

417

බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් විඳිමින් සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් මාස 03 ක නිවාඩුවක් ඉල්ලීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ලබන 09 වැනිදා යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදින විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොකඩවා මාස 06 ක් පාර්ලිමේන්තු නොපැමිණියහොත් අදාල මන්ත්‍රීවරයාගේ ධුරය ඉබේම අහෝසි වන අතර කෙසේ නමුත් මන්ත්‍රීවරයෙකුට නිවාඩු අනුමත කරවාගෙන මාස 03 ක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටිය හැකිය.

මෙම තත්වය මත රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම හැකිතරම් ප්‍රමාද කර, ඔහුට ලැබුණු නඩු තීන්දුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here