Home Hit චමල් පොරොන්දුව කඩකරලා – ගොවීන් යළි උපවාසයේ..!

චමල් පොරොන්දුව කඩකරලා – ගොවීන් යළි උපවාසයේ..!

312

හම්බන්තොට – සූ‍රියවැව ප්‍රදේශයේ වන අලි ගැටළුවට විසඳුමක් වශයෙන් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවීන් දෙවැනි වතාවටත් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ, ඔවුන් විසින් අඛණ්ඩව පවත්වාගෙන යන සත්‍යග්‍රහයේ 50 වෙනි දිනයේදීය.

ඔවුන් මීට පෙරත් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර එය තාවකාලිකව අවසන් කෙරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ලබාදුන් පොරොන්දුවක් අනුවය. එහෙත් එම පොරොන්දුව ඉටු නොවෙනා තත්වයක් තුළ ඔවුන් ඊයේ (07) දිනයේ සිට නැවතත් මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී ඇත.

මාසෙකින් මෙම ප්‍රශ්නය විසඳනවායි කියන පොරොන්දුව උඩ මම මාරාන්තික උපවාසයෙන් අත්මිදිලා මේ ස්ථානයේ සත්‍යග්‍රහයේ යෙදී සිටියා. අද කරනවා හෙට කරනවා කීවාට මේවාට අපි එකඟ වෙන්නෑ. මේ වගකීම බාරගන්න නිසි නිලධාරියෙක් එනතුරු මගේ ජීවිතය මෙතන මියැදුණත් මා නැගිටින්නේ නැතැයි කියන ප්‍රතිඥාව ලබාදෙනවා. හෙට දහවල් 12න් පස්සෙ මම වතුරවත් පානය කරන්නෙ නැහැයි කියන ප්‍රතිඥාවත් මේ අවස්ථාවේදී ලබාදෙනවා” යැයි වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා දෙවැනි වතාවටත් මාරාන්තික උපවාසය ආරම්භ කරමින් එහිදී පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here