Home Hit ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

304

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ සංශෝධිත යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට අද (08) දිනයේ ඉදිරිපත් කෙරෙනවා.

මෙරට ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කළ අතර, එහි සංශෝධිත යෝජනාවකුයි මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව පසුගිය මස 24 වනදා එම කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම වාර්තාවට ලක් රජයේ අප්‍රසාදය පළ කළේ ඉන් පසුවයි.

මේ අතර, හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ අදාළ සංශෝධිත යෝජනාව පිළිබදව තමන් සෑහීමකට පත් නොවන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය ජිනිවා හිදී පසුගිය 22 වන දා ආරම්භ වූ අතර, එය ලබන මස 23 වන දායින් අවසන්වීමට නියමිතයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේයි මෙම සැසි වාරය පැවැත්වෙන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදය පසුගිය 25 වන දා ආරම්භ වූ අතර, එහිදී රටවල් 21ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂපාතී ස්ථාවරයක් අනුගමනය කළා. චීනය, පාකිස්ථානය, ඉරානය, සිරියාව සහ රුසියාව ද ඒ අතර වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here