Home Hit කුරුවිට තරුණිය ඝාතනය කළ පොලිස් නිළධාරියා ඝාතනය කළේ කවුද ? (VIDEO)

කුරුවිට තරුණිය ඝාතනය කළ පොලිස් නිළධාරියා ඝාතනය කළේ කවුද ? (VIDEO)

820

මිනිසෙකුගේ පෞද්ගලිකත්වය මරණයෙන් හෝ කෙලවර නොකරන තත්වයට මේ රටේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය සංස්කෘතිය පිරිහී ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසනවා.

යම් පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු මරණයට පත්විය යුතු බව ඝාතනය කළයුතු බව ශිෂ්ට සමාජයක් ලෙස ප්‍රතික්ෂේප කළයුතු නමුත් වත්මන් සමාජය ඇසට ඇස, ලෙයට ලෙය ඉල්ලා සිටින තරමට ම්ලෙච්ඡ වී ඇති බවද ඔහු අවධාරණය කරනවා.

කුරුවිට තරුණිය ඝාතනයේ සැකකාර පොලිස් නිළධාරියා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකියාව තිබියදී ප්‍රාණය නිරුද්ධව එල්ලෙමින් තිබූ මළසිරුර අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූයේ මේ රටේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නිසා බවයි ධම්ම දිසානායක මහතා පවසන්නේ. ඒ අනුව අදාල තරුණිය ඝාතනයේ සැකකරු සියදිවි නසා ගත්තා නොව ඝාතනය කළ බවත්, එම ඝාතනයට වගකිව යුත්තේ මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බවත් ඔහු අවදාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here